වෛරස් රෝගයක් හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා වගාව විනාශ වී තිබෙනවා.
ගොවීන් පවසන්නේ අක්කර 500කට ආසන්න භුමි ප්‍රමාණයකට වෛරසය පැතිරී ඇති බවයි.
කල්පිටිය අර්ධද්වීපයේ දළුව, මාම්පුරිය, නාරක්කල්ලිය, ඉලන්තඩිය, සේතපොල, නොරෝච්චෝල ඇතුළු ගම්මාන රැසක ගොවීන්ගේ ප්‍රධාන වගා භෝගය ගෝවායි.
නමුත් වෛරස් රෝගය බලපෑම හේතුවෙන් ඉලන්තඩිය හා දළුව ප්‍රදේශයේ ගෝවා වගාවට අත්ව ඇති ඉරණමයි මේ.
ඉතා කෙටි කාලයක් තුළ එක් වගාවකින් තවත් වගාවකට රෝගය පැතිර යන බව ගොවීන් පෙන්වා දෙනවා.
ගොවීන් පවසන්නේ මාස කිහිපයක් තිස්සේ අදාළ රෝගී තත්ත්වයට යම් යම් ප්‍රතිකර්ම කළ ද මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවයි.
වගාව සඳහා වැය කළ ශ්‍රමය හා මුදල් මෙලෙස විනාශ වී යාමෙන් මෙම ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.