මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඉන්ධන පිරවුම්හලක ගැටෙයි
Saturday, 07 November 2020 - 13:13 | Views - 643
මහනුවර - කටුගස්තොට මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (06) රාත්රී 10.45 පමණ එම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම අනතුරෙන් ඉන්ධන පිරවුම්හලට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
Share This Article