පෑලියගොඩ හා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 9,492 දක්වා ඉහළට
Saturday, 07 November 2020 - 10:17 | Views - 376
නව කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 12,970 දක්වා ඉහළ ගියා.

ඊයේ(06) වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,492 ක්.

එමෙන්ම, වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ තහවුරු කළා.

ඒ අතර, කාන්තා රැඳවියන් විසි දෙදෙනෙකු වනවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් අවදානමකට මුහුණ දී ඇති බන්ධනාගාර රැඳවියන් ඉන් ආරක්ෂා කරගැනීම සඳහා බන්ධනාගාර තුළ පවතින තදබදය අවමකර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ අමාත්‍යංශයේදි පැවැත්වුණා.

එහිදී රස පරික්ෂක වාර්තා ප්‍රමාද වී ඇති රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 8,302 දෙනෙකුගේ එම වාර්තා කඩිනම් කර, ඔවුන් සම්බන්ධ අධිකරණ පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ අවධානයට ලක් වුණා.

එසේම, මෝදර ධීවර සංස්ථාවේ සේවකයන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පෙරේදා දිනයේදී එම ධීවර සංස්ථාවේ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇති අතර, ඉන් අනතුරුව එහි සේවකයන් කිහිවපදෙනෙකු සේවා කටයුතු සඳහා පොළොන්නරුව, හිඟුරක්ගොඩ ධීවර සංස්ථා ශාඛා වෙත යොමුකර තිබෙනවා.

ඊයේ දිනයේදී අදාල පී.සී.ආර්. වාර්තා පැමිණීමත් සමඟ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම ධීවර සංස්ථාවේ සේවකයින් 4 දෙනා වැලිකන්ද මූලික රෝහල වෙත යොමුකළ බවයි හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙම ධීවර සංස්ථාවේ සේවකයින් 4 දෙනා කළුතර සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

 නව කොරෝනා වෛරස ව්‍යාප්තිය අනුව මූලික පොකුර ආශ්‍රිතව අනු පොකුරු වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුන්වන මට්ටමේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව සැකසූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශද ඊයේ නිකුත් කර තිබෙනවා.

කොරෝනා අවදානම හමුවේ සිදුකළ යුතු පොදු ක්‍රියාකාරකම් එමඟින් දක්වා ඇති අතර, නිවසින් පිටත්ව යා හැකි සංඛ්‍යාව, පොදු ප්‍රවාහන කටයුතු සහ කාර්යාල කටයුතු මෙන්ම අනෙකුත් කර්මාන්තවලට අදාළ මාර්ගෝපදේශ ඊට ඇතුළත්.

එමෙන්ම, කොළඹ මහ නගර සභාව තුළ වාර්තා වන කොරෝනා අසාදිතයින් ප්‍රමාණය ඉහළ යාම පාලනය කිරිම සඳහා මේ වනවිට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top