සති අන්තය නිවසටම වී ගත කරන්න - ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලයි
Saturday, 07 November 2020 - 10:13 | Views - 658
ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ එම ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කළ යුතු බවයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම - බදුගම නව ජනපදය ඊයේ පස්වරුවේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි නම්කර ඇත්තේ.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණු, ඇදිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල - නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොලේ සවි කර ඇති රූපවාහිනි තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයා ද පොලීසියට දැනුම්දී ඇති අතර, එම නගර සභාවේ ආරක්ෂක අංශ ප්‍රධානියා විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ තලාතුඔය නගරයේ වෙළඳසැල් අද සිට දින 3ක් වසා තැබීමට තීරණය කළ බව තලාතුඔය වෙළඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ සඳහන් කළා.

දැනට එම ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතයින් 7 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු නගරයේ වෙළඳසැල් වෙත සංචරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top