සැමියා සමග උරණ වී දූවරු සිව්දෙනාටත් වස පෙවූ මව
Friday, 06 November 2020 - 15:05 | Views - 1,263

පවුල් ආරවුලක් මත සිත්තැවුලට පත් බිරිදක් අද (06) දියණියන් සිව් දෙනාට වස පොවා බිරිදද වස පානය කර ඇති අතර රෝහල්ගත කිරිමෙන් පසු වැඩිමහල් දියණිය මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.
මෙම පවුල කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි අයවන අතර ස්වාමි පුරුෂයා ත්‍රිකුණාමලය ආනන්දපුරි පදිංචිකරුවෙකු වේ. විවාහ වි කිලිනොච්චි ස්ථීර පදිංච ඇති ස්වාමි පුරුෂයා උප්පුවේලි පොලිස් වසමට අයත් ආනන්දපුරි ප්‍රදේශයේ කොවිලක ආවතේවකරුවෙකු වශයෙන් සේවය කරමින් සිට ඇතැයි පොලිසිය පවසයි.
කෝවිලක් ඉදිකර එම කෝවිලේ ආගමික කටයුතු සදහා ආනන්දපුරි ප්‍රදේශයේ රැදිසිටිමට ස්වාමිපුරුෂයා ගත් තීරණය සම්බන්ධයෙන් බිරිද දරුවන් සමග පැමිණ ඒ ගැන විමසා දෙදෙනා අතර බහින් බස්විමක් සිදුවි ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එන්.විදුෂිකා (16) නමැති දැරියයි.
වස පානය කල දැරියන්ගේ මව වන නිශාන්තන් නාගේෂ්වරි (31) සහ වස පෙව් සෙසු දියණියන් වන එන්.වයිස්වරි (12) එන්.අයිස්වරි (08) එන්.කදිරියා (02) යන අය අසාධ්‍ය තත්වයෙන් ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි .සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
අමදෝරු අමරජිව
ලංකාදීප
Share This Article