ජීවයේ පැවැත්මට සුදුසු ග්‍රහලෝක මිලියන 300ක් ක්ෂීරපථයේ
Friday, 06 November 2020 - 14:12 | Views - 532
අප සූර්යග්‍රහ මණ්ඩලය අයත් වන ක්ෂීරපථ මන්දාකිණියේ ජීවයේ පැවැත්මට සුදුසු ග්‍රහලෝක මිලියන 300 ක් පමණ පැවතිය හැකි බව ඇමරිකානු නාසා ආයතනයේ නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ සඳහා වසර 9 ක් තිස්සේ පෘථිවියට සමාන පිටසක්වල ග්‍රහලෝක සොයා විශ්වයේ සැරිසැරූ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලද තොරතුරු භාවිත කරන බවයි අභ්‍යවකාශ විද්‍යා සඟරාව ප්‍රකාශ කළේ.

විශේෂයෙන් ජලය මතුපිට රඳවාගත හැකි කඳු සහිත ග්‍රහලෝක මෙලෙස ජීවයේ පැවැත්මට සුදුසු ග්‍රහලෝක ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂයේ මෙහෙවර 2018 වසරේ අවසන් වුව ද, එමගින් ලද දත්ත, විශ්ලේෂණය සඳහා යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ගයියා මෙහෙයුමෙන් ලබා ගත් තාරකා පිළිබඳ දත්ත ද යොදා ගෙන ඇති බව සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top