කොරෝනා මරණ ගැන රජයේ වෛද්‍යවරුන් සමාලෝචනයක් ඉල්ලයි
Friday, 06 November 2020 - 13:27 | Views - 650

නිධන්ගත රෝගවලින් පෙලෙන සහ වයස්ගත පුද්ගලයින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29 ක් වන අතර, ඒ අතරින් වැඩි පිරිසක් වයස්ගත වූවන් සහ නිධන්ගත රෝගවලින් පෙලෙන්නන්.
මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 12,570 ක් වාර්තා වන අතර, ඊයේ දිනය තුළ ද නව ආසාදිතයන් 383 ක් හඳුනා ගැනුණා.
එසේමල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,092 ක්.
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 168 ක් වූ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 157 දෙනෙකු ඊයේ වාර්තා වී තිබූ අතර, වත්තල ප්‍රදේශයේ 57 දෙනෙකු ඒ අතර වනවා.
කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 24 ක්.
එසේම, ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකුද සිටිනවා.
රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතරල ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකුටද වෛරසය ශරීරගත වී ඇති බව වාර්තා වුණා.
ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 297 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 199 දෙනෙකු ඒ අතර වන බව සඳහන්.
නිරෝධායන මධ්‍යස්ථානවලට පොලිස් නිලධාරීන් 258 දෙනෙකු යොමුකර ඇති අතරල ස්වයං නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1,350 ක්.
මේ අතර, හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගියෙකු පසුගියදා සුවය ලබා නිවෙසට පිටත්ව යාමෙන් පසුව කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව ඔහුට ප්‍රතිකාර කළ හෝමාගම රෝහලේ අංක 05 වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරුන් තුන් දෙනෙකු, හෙදියන් තුන් දෙනෙකු සහ සුළු සේවකයින් 06 දෙනෙකු ඇතුළු 30 දෙනෙකුට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකෙරුණා.
අනතුරුව එම වාට්ටුව සහ රෝහල් පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක්කර ඇති අතරල පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකළ පුද්ගලයින්ට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසද උපදෙස් ලබාදී ඇති බවයි හෝමාගම මූලික රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ.
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝහලේ වෛද්‍යවරයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 32 ක් වන අතර, ඒ අතර ළමයින් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු වන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වූවද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ඒ සඳහා බියවිය යුතු නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කළා.
මේ අතර කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළින් ගතවූ දින කිහිපය තුළ වැඩි වශයෙන් කොරෝනා මරණ වාර්තා වීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ ජනගණත්වය අධික ප්‍රදේශවල ජනතාව සිය සංචරණ කටයුතු වහාම සීමා කළ යුතු බවයි.
එලෙස වාර්තා වන කොරෝනා මරණ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා.
මේ අතර හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියල ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ හෙළ වෙද ක්‍රමයේ දුම් ඇල්ලීම ඇතුළු ඇතැම් ක්‍රමවේද භාවිත කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට යම් විසඳුමක් ලැබෙන බවයි.
මේ අතරල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර ඇති බැවින් ඒ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.
කෙසේ වෙතත්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ විමසා සිටියේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය නිසිපරිදි අත්හදා බැලීමකින් තොරව දිවයිනට ගෙන්වා ඇත්නම් ඒ සඳහා අවසර ලබාදී ඇත්තේ කවුරුන්ද යන්නයි.
Share This Article