නව සාමාන්‍යකරණය යටතේ සඳුදා සිට රටම විවෘත කෙරෙන ලකුණු
Friday, 06 November 2020 - 13:12 | Views - 3,690
නව සාමාන්‍යකරණය යටතේ ලබන සඳුදා(09) සිට බොහෝවිට රටම විවෘත වනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියල්ලන් පියවර ගත යුතු බවයි.

එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මේ සති අන්තයේ පොලිස් මාර්ග බාධක යොදා සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ වනවිට බස්නාහිර පළාතේ පොලිස් වසම් 112 ක මෙන්ම කුලියාපිටියල ඇහැලියගොඩ සහ කුරුණෑගල මහ නගර සභා බලප්‍රදේශවල නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

එමෙන්මල ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 139 දෙනෙකු අත්අඩංගුවට ගත් අතරල රථවාහන 26 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකල නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 18 දෙනෙකු ද ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන ඇදිරි නීති කාලය තුළ තම පොලිස් නාමය භාවිත කරමින් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් ප්‍රවාහනය කළ ගල්කිස්ස පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතරල බදුල්ල - කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානය අද නැවතත් විවෘත කිරීමත් සමඟ එහි තොග වෙළඳාම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුව තිබෙනවා.

මේ අතර ජාතික හැඳුනුම්පතේ අදාළ කරුණු සහතික කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔන්ලයින් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සඳහා අවසරලත් ආයතනවලට ලියාපදිංචි විය හැකි බවයි.

මේ අතර බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු ග්‍රාම සේවා වසම්වල නිරෝධායන වන පවුල් සඳහා ආධාර බෙදාදීම අද සිදුකෙරුණු බව බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ.පී.පී.චතුර මල්රාජ් කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top