රුපියල් මිලියන 63කට අධික කේරල ගංජා 21kgක් අල්ලයි
Friday, 06 November 2020 - 12:07 | Views - 458
යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී රුපියල් මිලියන 63කට අධික කේරල ගංජා කිලෝග්‍රෑම් 213ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (05) වෙත්තලකේනි මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයෙුමකදීයි.
ඉන්දියාවේ සිට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී, මෙම කේරල ගංජා තොගය බෑග් 08 ක් තුළ පාර්සල් 98ක අසුරා තිබියදීයි සොයා ගත් බව සඳහන්.
එලෙස අත්අඩංගුවට ගෙන අත්තේ වයස අවුරුදු 36 සහ 41යන වයස් වල පසුවන යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් දෙදෙනෙක්.
අදාළ සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.
Share This Article