ලෝක බලවතා නම් කිරීම ප්‍රමාද වෙයි, බයිඩන් - ට්‍රම්ප් දෙදෙනාම ජයග්‍රාහකයා තමා බව කියයි
Friday, 06 November 2020 - 11:47 | Views - 439
ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම තමුන් ජයග්‍රාහකයා යැයි පැවසීම නිසා සැබෑ ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාදවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරණයකදී ජය ලැබූ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාදව පවතින මැතිවරණය බවට ද මෙවර ජනාධිපතිවරණය පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ලොව බලවත්ම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඉකුත් 03 වැනිදා ඡන්දය පැවති අතර ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් එරට ප්‍රාන්ත 50ට අයත් තීරක මණ්ඩල සතු ඡන්ද 538 න් ඡන්ද 264 ක් හිමි කරගෙන ඇති අතර ඔහුට නව ජනපති බවට පත්වීමට තව ලබාගැනීමට ඇත්තේ තීරක මණ්ඩල ඡන්ද 06ක් පමණයි. රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ තීරක මණ්ඩල ඡන්ද 214 ක්.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජෝ බයිඩන් සියයට 50.4ක ප්‍රතිශතයක්ද, ඩොනල්ඞ් ට්‍රම්ප් සියයට 48ක ප්‍රතිශතයක්ද හිමි කරගෙන තිබෙනවා.

ඒ අනුව ජෝ බයිඩන්ට ඡන්ද කෝටි හතකට අධික (72,110,951) ඡන්ද ප්‍රමාණයක්ද, ඩොනල්ඞ් ට්‍රම්ප්ට කෝටි හයකට අධික (68,643,544) ඡන්ද ප්‍රමාණයක්ද හිමිව තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදී කෝටි 16කට අධික ඡන්ද දායකයෝ පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර මෙය ඇමෙරිකාවේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය බවට ද පත්ව ඇති බවත් සඳහන්.

ඇමෙරිකාව තුළ පැතිර යන කොව්ඞ් 19 වෛරස රෝගය මැද මෙතරම් විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයක්. පවතින කොවිඞ් රෝග වසංගතය නිසා මැතිවරණයට පෙර කෝටි දහයකට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මිචිගන් ප්‍රාන්තයේ ඡන්ද ගණන් කිරීමේදී දූෂණ සිදුව ඇති බව චෝදනා කරමින් එම ප්‍රාන්ත අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top