තවත් කසල කන්ටේනර් 65 ක් යළි එංගලන්තයට
Friday, 06 November 2020 - 11:21 | Views - 320
එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ කසල බහාලුම් 242 න් තවත් බහාලුම් 65 ක් අද (06) ප්‍රතිනැව්ගත කෙරුණා.

කොළඹ වරායෙන් අද පෙරවරුවේ මෙම බහාලුම් 65 යළි එංගලන්තයට යැවීමත් සමඟ තවත් බහාලුම් 140 ක් මෙරට ඉතිරිව ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට බහාලුම් 102 ක් ප්‍රතිනැව් ගත කර ඇති බව ද ඔහු සඳහන් කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදි මෙරටට ගෙන්වූ කසල බහාලුම් 242 යළි එරටට යවන ලෙස අභියාචනාධිකරණය, මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ පසුගිය ඔක්තෝම්බර් 14 වනදායි.

ඒ අනුවයි, මෙම බහාලුම් යළි ප්‍රතිනැව්ගත කිරීම සිදුකෙරුණේ. මෙම කසල බහාලුම් මෙරටට එවීම මගින් සිදුවූ අලාභයට වන්දි ලෙස රුපියල් මිලියන 1600කට අධික මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරිය බාසල් සම්මුති කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top