තවත් කසල කන්ටේනර් 65 ක් යළි එංගලන්තයට
Friday, 06 November 2020 - 11:21 | Views - 321
එංගලන්තයෙන් මෙරටට ආනයනය කළ කසල බහාලුම් 242 න් තවත් බහාලුම් 65 ක් අද (06) ප්‍රතිනැව්ගත කෙරුණා.
කොළඹ වරායෙන් අද පෙරවරුවේ මෙම බහාලුම් 65 යළි එංගලන්තයට යැවීමත් සමඟ තවත් බහාලුම් 140 ක් මෙරට ඉතිරිව ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වනවිට බහාලුම් 102 ක් ප්රතිනැව් ගත කර ඇති බව ද ඔහු සඳහන් කළා.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදි මෙරටට ගෙන්වූ කසල බහාලුම් 242 යළි එරටට යවන ලෙස අභියාචනාධිකරණය, මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ පසුගිය ඔක්තෝම්බර් 14 වනදායි.
ඒ අනුවයි, මෙම බහාලුම් යළි ප්‍රතිනැව්ගත කිරීම සිදුකෙරුණේ. මෙම කසල බහාලුම් මෙරටට එවීම මගින් සිදුවූ අලාභයට වන්දි ලෙස රුපියල් මිලියන 1600කට අධික මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරිය බාසල් සම්මුති කාර්යාලයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
Share This Article