එංගලන්තය යළි ලොක්ඩවුන් - උමඟ කෙළවර ආලෝකයක් ඇතැයි අගමැති බොරිස් කියයි
Friday, 06 November 2020 - 10:27 | Views - 695
කොවිඩ්-19 ආසාදන දෙවැනි රැල්ල පාලනය කිරීමට එංගලන්තය සති හතරක අගුලු දැමීම ආරම්භ කරන විට අගමැති බොරිස් ජොන්සන් පවසා සිටියේ, මේ දුෂ්කර උමං මාර්ගය අවසානයේ ආලෝකය පවතින බවය.

බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට අගුලු දැමීම ආරම්භයේදී නව සීමා කිරීම් ක්‍රියාත්මක වූ අතර, බොහෝ අවස්ථාවන්හිදී මිනිසුන්ට නිවසේ රැඳී සිටීමට සිදුවන බව සඳහන් වෙයි.

ඩවුන්ං වීදියේ පැවති මාධ්‍ය හමුවේදී ජොන්සන් පැවසුවේ, "එක්සත් රාජධානියේ රජය සහ සියලු පරිපාලන ආයතන නත්තල් සමය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් මත කටයුතු කරමින් සිටින නිසා පවුල්වල සියලු දෙනාට එකට එක්විය හැකි බව සහතික කිරීමට අප සැවොම කැමතියි" යනුවෙනි.

"මට ලැබී ඇති උපදෙස් අනුව මේ පියවරයන් ඔස්සේ වෛරසය පාලනය සඳහා සැබෑ බලපෑමක් ඇති කිරීමට සති හතරක් ප්‍රමාණවත්. ඒ සමග මේ නීතිරීති ලිහිල් කළ හැකිවේවි. දෙසැම්බර් 2දා සිට අපට නැවත එකිනෙකා සමග සම්බන්ධ වන ප්‍රවේශයකට පිවිසීමට පුළුවන්. එනම් මේ උමග අවසානයේ ආලෝකය පවතිනවා." අගමැතී කීවේය.

"මට සෑම අතින්ම විශ්වාසයක් පවතිනවා. අප මේ ක්‍රියාමාර්ග පැකේජය අපට හැකි උපරිම අයුරින් අනුගමනය කරන්නේ නම් සහ පෙර වසරවලදී මෙන්ම මිනිසුන්ට හැකි තරම් සාමාන්‍ය නත්තල් උත්සවයක් පැවැත්වීමට මට හැකි වනු ඇති බවට සැකයක් නැහැ." ජොන්සන් වැඩිදුරටත් පැවසීය.

යුරෝපය පුරා නව කොරෝනා වෛරස් ආසාදනය වැඩි වනවිට, වසංගතයේ දෙවැනි රැල්ලෙන් එක්සත් රාජධානියේ මරණ වසන්තයේදී වාර්තා වූ සංඛ්‍යාව ඉක්මවා යා හැකි බව ජොන්සන් මේ සතිය මුලදී පැවසීය.

අද
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top