ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය 27වැනිදා සිට
Friday, 06 November 2020 - 9:34 | Views - 342
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වීම සඳහා රජයේ අනුමැතිය හිමිවීමෙන් පසු එය ලබන 27 වැනිදා හෝ 28 වැනිදා ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි තරඟාවලි අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න ප්‍රකාශ කළා.
එය ආරම්භවීමට නියමිතව තිබුණේ ලබන 21 වැනිදායී.
ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඊයේ(05) සිදුකළ සාකච්ඡාවකදී ඒ සඳහා අනුමැතිය හිමිවුණා.
එමෙන්ම, තරඟාවලිය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරඟාවලිය පැවැත්වෙන අතර, ක්‍රීඩකයින් සඳහා ආරක්ෂිත ජෛව බුබුලක් එහි නිර්මාණය කෙරෙනු ඇති.
Share This Article