බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ පොකුර 9,000 ඉක්මවයි
Friday, 06 November 2020 - 8:17 | Views - 307
නව කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු ඊයේ(05) හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,570 දක්වා ඉහළ ගියා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ ඊයේ දිනයේදී හමුවු ආසාදිතයින් සියලුදෙනාම මීට පෙර හමුවු කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,092 ක් වනවා.

එසේම, ඊයේ දිනයේදී මරණ 05 ක් වාර්තාවීමත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගියා.

මියගිය පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුම සිය නිවස තුළදී මිය ගොස් තිබූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම කාන්තාවන් දෙදෙනා 58 සහ 73 හැවිරිදි කොළඹ 12 සහ 14 ප්‍රදේශ වල පදිංචිකාරිනියන්.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි අනෙක් කාන්තාව පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ජිවිතක්ෂයට පත්වුණා.

මිය අනෙක් පුද්ගලයින් දෙදෙනා 46 සහ 74 හැවිරිදි වියේ පසුවු කොළඹ 02 සහ 15 ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉන් එක් අයෙකු දිර්ඝ කාලින වකුගඩු රෝගයකින් පෙළි ඇති අතර අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත්තේ කොව්ඞ් 19 නිසා ඇති වු හෘදයාබාධයක් හේතුවෙන්.

මේ අතර, ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ 07 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, වැලිකඩ බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සහ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ හමුවකදියි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලාවල තවත් සේවකයින් 73 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ආයෝජන මණ්ඩලයට අයත් නොවන කර්මාන්තශාලා 15 කින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු සේවකයින් ගණන 175 ක්.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා ප්‍රකාශ කළේ පසුගිය දින දෙක තුළ දී කටුනායක සහ බියගම නිදහස් වෙළඳ කළාපවල කිසිදු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු නොවු බවයි.

මොරණාගල දිස්ත්‍රිකකයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 04 දෙනෙකු හමුවී ඇති අතර නිරෝධායන ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 811 ක්.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයින් 156 ඊයේ දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරුණා.
    
   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top