තල්මසුන් ගොඩඒමට හේතුව යුද අභ්‍යාසයක් දැයි සැක
Friday, 06 November 2020 - 8:08 | Views - 514
පානදුර ආශ්රිත මුහුදු වෙරළට පසුගිය දිනෙක තල්මසුන් ගොඩගැසීම, රටවල් කිහිපයක් එක්ව ඉන්දියන් සාගරයේ සිදුකළ නාවික අභ්‍යාසයක් හේතුවෙන් සිදුව ඇතැයි පරිසරවේදීන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වී තිබෙනවා.
පසුගිය දෙවනදා පස්වරුවේ මෙලෙස පානදුර ආශ්රිත වෙරළට තල්මසුන් 100 දෙනෙකු පමණ ගොඩගසා තිබූ අතර, ඔවුන් අතරින් මියගිය සංඛ්‍යාවද 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පසුව නාවික හමුදාව, පොලීසිය, ප්‍රදේශවාසීන් සහ විවිධ සංවිධාන එක්ව තල්මසුන් යළි මුහුද දෙසට යැවීමට පියවර ගත්තා.
කෙසේ වෙතත්, පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ජපානය හා ඇමෙරිකාව ඇතුළු රටවල් සිදුකළ මලබාර් නමැති නාවික අභ්‍යාසයක් හේතුවෙන් සෝනාර් සන්නිවේදනය ඇණහිට තල්මසුන් මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවයි.
Share This Article