තල්මසුන් ගොඩඒමට හේතුව යුද අභ්‍යාසයක් දැයි සැක
Friday, 06 November 2020 - 8:08 | Views - 515
පානදුර ආශ්‍රිත මුහුදු වෙරළට පසුගිය දිනෙක තල්මසුන් ගොඩගැසීම, රටවල් කිහිපයක් එක්ව ඉන්දියන් සාගරයේ සිදුකළ නාවික අභ්‍යාසයක් හේතුවෙන් සිදුව ඇතැයි පරිසරවේදීන් සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වී තිබෙනවා.

පසුගිය දෙවනදා පස්වරුවේ මෙලෙස පානදුර ආශ්‍රිත වෙරළට තල්මසුන් 100 දෙනෙකු පමණ ගොඩගසා තිබූ අතර, ඔවුන් අතරින් මියගිය සංඛ්‍යාවද 10 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නාවික හමුදාව, පොලීසිය, ප්‍රදේශවාසීන් සහ විවිධ සංවිධාන එක්ව තල්මසුන් යළි මුහුද දෙසට යැවීමට පියවර ගත්තා.

කෙසේ වෙතත්, පරිසරවේදී නයනක රන්වැල්ල කියා සිටියේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව ජපානය හා ඇමෙරිකාව ඇතුළු රටවල් සිදුකළ මලබාර් නමැති නාවික අභ්‍යාසයක් හේතුවෙන් සෝනාර් සන්නිවේදනය ඇණහිට තල්මසුන් මෙලෙස වෙරළට ගොඩගසා ඇති බවයි.  
   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top