සී සාමින් සිටි 16 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට
Friday, 06 November 2020 - 7:46 | Views - 2,671
බද්දේගම, අකුරැටිය ප්රදේශයේ පිහිටි වෙල්යායක අත්ට්රැක්ටරයකින් සී සාමින් සිටි පාසල් සිසුවෙක් ඊයේ (05) පෙරවරුවේ විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇත්කඳුර ප්රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සී සාන අතර තුර කුඹුරට ජලය ලබා ගැනීමට ඇති ජල මෝටරයට විදුලිය සපයා තිබූ විදුලි රැහැනේ පැටලීමෙන් සිසුවාට විදුලි සැර වැදී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දෙගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වන අතර මරණය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය හෙට (06) ගාල්ල කරාපිටිය රෝහලේ දී පැවත්විමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share This Article