අත්‍යවශ්‍ය භාණ්ඩ දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනයට ඇදිරි නීති බලපත්‍ර අවශ්‍ය නැහැ
Thursday, 05 November 2020 - 16:55 | Views - 404
එළවළු, පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ජනාධිපති කාර්යාලයේදී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළඳාමට පමණක් සීමා කිරීමට ද තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
Share This Article