මාවනැල්ලේ මනාළ යුවළකට කොරෝනා
Thursday, 05 November 2020 - 16:50 | Views - 1,074
පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක මනාළ යුවළකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පැවසුවේ මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වූ 120 කට වැඩි පිරිසක් මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බවයි.
මනාළ යුවළට අමතරව මනමාලියගේ මවට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මේ අතර අද (05) දිනයේදී තවත් ආසාදිතයින් 765 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.
ඒ අනුව දිනකදී සුවය ලබා වැඩිම පිරිසක් නිවෙස් වෙත යනු ලැබුවේ අද දිනයේදී වීම විශේෂත්වයක්.
Share This Article