එංගලන්තය දෙවෙනි වරටත් Lockdown කිරීමට සැරසෙයි
Thursday, 05 November 2020 - 15:36 | Views - 390
පැතිරයන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එංගලන්තය දෙවන වතාවටත් Lockdown කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් එරට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිව මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඒ සඳහා හිමිවූ ඡන්ද සංඛ්‍යාව 477ක්.
බොරිස් ජොන්සන්ගේ මෙම යෝජනාවට විරුද්ධව හිමිවුණේ ඡන්ද 39ක් පමණයි.
ඒ අනුව එංගලන්තය සති 04 කාලයකට Lockdown කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වනවිට එංගලන්තයේ පුද්ගලයින් 1,099,059ක් කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී ඇති අතර එරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 47,742ක්.
Share This Article