ජෝ බයිඩන් ඉදිරියෙන් - අවසන් ප්‍රාන්ත 5ක ප්‍රතිඵල තවමත් නෑ
Thursday, 05 November 2020 - 13:39 | Views - 665

2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධක වී තිබෙන පෙනිසිල්වේනියා සහ ජොර්ජියා යන ප්‍රාන්තවල ඡන්ද ගණනය අත්හිටුවන ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිචිගන් ප්‍රාන්ත අධිකරණය හමුවේ පෙනී සිටින බව නිවේදනය කරනවා.

කෙසේ වෙතත්, මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින්නේ ජෝ බයිඩන්.

තවත් ප්‍රාන්ත 5ක ඡන්ද ප්‍රතිඵළ නිකුත් වීමට නියමිතව තිබෙනවා.
 
ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටිනවා

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් වූ ප්‍රතිඵල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් ඡන්ද, 72,102,585ක් ලබා ඇති අතර, ඔහු ලබා සිටින ඡන්ද ප්‍රතිශතය සියයට 50.4ක්.

ජනපති ට්‍රම්ප් ඡන්ද 68,637,070ක්  ලබා ගනිමින් සියයට 48 ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටිනවා.

කෙසේ නමුත්, ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන්නේ ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ නියෝජිත ඡන්ද ක්‍රමය මගින්.

එම නියෝජිත ඡන්ද 538 කින් 270 ක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා වනවා.

මේ වනවිට ජෝ බයිඩ්න්ට කොට්ඨාශ නියෝජිත ඡන්ද 264 ක් හිමිවී ඇති අතර, ජනපති ට්‍රම්ප්ට හිමිවී ඇත්තේ නියෝජිත ඡන්ද 214 ක් පමණයි.

ඒ අනුව, අවසන් ප්‍රතිඵලය ජනගහනය පදනම් කරගෙන වැඩි කොට්ඨාශ නියෝජිත ඡන්ද සංඛ්‍යාවක් සහිත ඇරිසෝනා, ජෝර්ජියා, පෙන්සිල්වේනියා, ඇතුළු ප්‍රාන්ත කිහිපයකට සීමාවී තිබෙනවා.

ජෝ බයිඩ්න් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කළා.

ඔහු එහිදී කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇතිකර නොගත යුතු බවයි.

තමා ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර, ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහිකරන බව ඔහු අවධාරණය කළා.

බලය ලබාගැනීමට හෝ පවරා ගැනීමට නොහැකි අතර, එය ජනතාව තුළින් ප්‍රවාහයක් ලෙස යොමුවිය යුතු බවයි ජෝ බයිඩ්න් කියා සිටියේ.

ඇමරිකාවේ පවතින විවිධ භේද පිළිගත් ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක බයිඩ්න් කිසිවෙකු සතුරන් නොවන බවද අවධාරණය කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top