කොළඹ - මෝදර උයනෙන් ආසාධිතයින් 138ක් වාර්තාවෙයි
Thursday, 05 November 2020 - 13:26 | Views - 708
කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට ප්‍රමාණවත් පරිදි පී.සී.ආර්. පරීක්ෂණ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 12,187 ක් වාර්තා වන අතර, සිදුවූ මරණ සංඛ්‍යාව 24 ක්. සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින් 5,585 ක් නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

රෝහල්ගතව ආසාදිතයින් 6,305 ක් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 443 දෙනෙකු හඳුනාගත්තා. ඒ සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 8,709 ක්. ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 212 ක් වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතරට මෝදර උයන නිවාස සංකීර්ණයෙන් වාර්තා වන ආසාදිතයින් 138 දෙනෙකුද ඇතුළත්.

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් හැට දෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20 ක්.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09 දෙනෙකු සහ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 06 දෙනෙකුද ඊයේ වාර්තා වුණා.

මේ අතර, කොළඹ - කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එසේම, ඊයේ තහවුරු වූ ආසාදිතයින් පිරිසත් සමඟ මේ දක්වා බොරැල්ල පොලිසියේ 48 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ වනවිට බස්නාහිර පලාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් 180 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, පොලිස් නිලධාරීන්ට කොරෝනා ආසාදනය වීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථානවලට මෙන්ම ස්වයං නිරෝධායනයටද යොමු කෙරුණා.

ඒ අනුව 257 දෙනෙකු මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර, නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1302 ක්.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 273 ක් බව සඳහන්.

එසේම, වරාය අධිකාරියේ සේවකයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා නිකුත් වීමත් සමඟ 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

තවදුරටත් එහි සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමුකරන බවයි වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගැනුණේ එහි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ රෝග ලක්ෂණ සහ රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top