සඳුදා සිට බස්නාහිර විවෘත කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග
Thursday, 05 November 2020 - 13:23 | Views - 4,308

ලබන සඳුදායින් පසු බස්නාහිර පලාත විවෘත කිරීමට වැඩි හැකියාවක් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට නම්, ජනතාව සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සහයෝගය දැක්විය යුතු බවයි.
බස්නාහිර පළාතට සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
එසේම, ගිරිවුල්ල, මාවනැල්ල, හෙම්මාතගම සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ හා ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි පවතින්නේ.
මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 200 ක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 18 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මේ දක්වා කාලය තුළදී ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2393 ක්.
මුඛ ආවරණ භාවිත නොකිරීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළව මේ දක්වා 78 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල නිවෙස් අසලට පැමිණෙන ඩිලිවරි වාහන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස ද පොලීසිය ජනතාවට උපදෙස් දෙනවා.
මේ අතර, නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමිවූ ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමුකර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න සඳහන් කළා.
Share This Article