නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවසට පැමිණ සිටි 29 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට
Thursday, 05 November 2020 - 12:05 | Views - 5,640
පුත්තලම - උඩප්පුව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී පහරදීමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් තම සහෝදරයාට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම තරුණයා එම ස්ථානයට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම ආරවුල සමතයකට පත් කිරීමට යාමේදී කිසියම් පුද්ගලයෙකු විසින් මොහුට පහරදී ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ මෙම තරුණයා උඩප්පුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ඩුබායි හි රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර සිය නිවස වෙත පැමිණ සිට ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top