ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත චෝදනාවක පැටලූ අර්සලාන් කවාජාට සිරදඬුවම්
Thursday, 05 November 2020 - 11:20 | Views - 611
ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් සිටි ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් ව්‍යාජ ත්‍රස්ත චෝදනාවක පැටලූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජාට එරට අධිකරණය මගින් වසර හතරහමාරක සිරදඩුවමක් නියම කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් සරසවියේ සිය සගයෙකු වූ නිසාම්ඩීන්ට එරෙහිව අර්සලාන් කවාජා, එලෙස චෝදනාවක් ගොනුකර ඇත්තේ ඔහුගේ මිතුරියක පිළිබඳ ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ලකින්.
කෙසේ නමුත්, කවාජාට නියම කළ වසර හතරහමාරක සිරදඩුවම වසර දෙකහමාරකට අඩු වන්නේ ඔහු 2018 වසරේ දෙසැම්බරයේ සිට අත්අඩංගුවේ පසුවන බැවින්.
අර්සලාන්ගේ චෝදනා නිසා ශ්‍රී ලාංකික නිසාම්ඩීන්ට මාස 6 ක කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රැදී සිටීමට සිදුවුණා.
Share This Article