කොරෝනා ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් ගණන 222ක් දක්වා ඉහළට
Thursday, 05 November 2020 - 10:25 | Views - 416
කොරෝනා ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 222 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද තහවුරු වීමත් සමඟ එම පොලිස් ස්ථානයේ වෛරසය ආසාදනය වී ඇති මුළු පොලිස් නිලධාරින් සංඛ්‍යාව 56 ක්.

එමෙන්ම, පොලිස් විශේෂ කාර්ය බලකායේ 56 දෙනෙකුට ද මේ වනවිට කොවිඞ් 19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙරට 24 වන කොරෝනා මරණය ඊයේ වාර්තා වුණා.

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධායක් හේතුවෙන් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් සිය නිවසේ සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ දිනයේදී නව ආසාදිතයන් 443 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,187 දක්වා ඉහළ ගියා.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් 443 දෙනා අතර 418 දෙනෙකුම ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.

ඉතිරි 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දීර්ඝ කාලීන රෝග සඳහා රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් රෝහල් වෙත පැමිණ අදාල වෛද්‍ය උපදෙස් ප්‍රමාද නොකර ලබාගත යුතු බවයි.

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් රෝගීන් වාර්තා වීමේ අඩුවක් සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 24 ක් වන අතර අද දිනයේදී නිරෝධායන ක්‍රියාවලියට ලක්ව ඇති පුද්ගලයින් 2193 දෙනෙකු සඳහා රුපියල් දස දහසේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදුකරන බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම කියා සිටියේ.

මේ අතර කොවිඩ් 19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top