පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්
Thursday, 05 November 2020 - 9:58 | Views - 339
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවූ පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ඊයේ කතානායක නිල නිවසේදී පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.

මෙහිදී කතානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

පසුව, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ගත යුතු පියවර සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 10 වනදා යළි රැස්වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top