පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්
Thursday, 05 November 2020 - 9:58 | Views - 340
20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටවූ පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම ඊයේ කතානායක නිල නිවසේදී පැවැත්වුණා.
ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙන්ම ඔවුන්ගේ නියෝජිතයන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.
මෙහිදී කතානායකවරයාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තු සභාවේ නීතිමය රාමුව සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
පසුව, පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ගත යුතු පියවර සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 10 වනදා යළි රැස්වීමට නියමිතයි.
Share This Article