සඳුඳා බස්නාහිර ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති කියයි
Thursday, 05 November 2020 - 9:37 | Views - 5,215
ලබන සඳුඳායින් පසුව බස්නාහිර පළාත තුළ තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඒ, අද උදෑසන හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ රට වසා දැමීමෙන් කර්මාන්ත ක්ෂේත්රයට දැඩි බලපෑමක් එල්ල වන බවයි.
එමෙන්ම, විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙලටද මෙමඟින් බාධා සිදුවන බව සඳහන් කළ යුද හමුදාපතිවරයා කියා සිටියේ සියලු කරුණු සලකා බලා සඳුඳා දිනයේ බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.
කෙසේ වෙතත්, ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නේ නම් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ඔහු ප්‍රකාශ කළා.
Share This Article