ඵෙතිහාසික සෝමාවති රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යයේ පඬු පෙවීමට පූජා කෙරෙන ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඊයේ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.
ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදීයි.
අග්‍රාමාත්‍යවරයා විසින්, විවිධ ඖෂධ අඩංගු ඖෂධ මංජුසාව බැඳ ගනිමින් දෙවැනි පැරකුම් රජ දවසින් පසු ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම කඨින චීවර පඬු පෙවීමේ රාජ්‍ය මංගල්‍යය, ශාසනයේ චිර පැවැත්මට හේතුවේවායි ප්‍රාර්ථනා කළා.
රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙවර පැවැත්වෙන කඨින චීවර පඬු පෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 දෙදින ඵෙතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මුණ ගැසුණා.
අධ්‍යාපන, ශිෂ්‍යත්ව සහ හුවමාරු වැඩසටහන් වැනි මුල පිරීම් තුළින් ශ්‍රී ලංකාව සමඟ වැඩි සබඳතාවක් ඇති කර ගැනීමට ප්‍රංශය උනන්දු වන බවයි ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.
කොරෝනා වසංගතය පාලනය කිරීමේ ශ්‍රී ලංකා ක්‍රියාදාමය ද එහිදී තානාපතිවරයා ඉතා ප්‍රශංසනාත්මකව අගය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බවත්, එය පාලනය වූ වහාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවත්, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
