ජනතා රජයක් බිහිකරන බව බයිඩ්න් කියයි
Thursday, 05 November 2020 - 8:55 | Views - 837
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් තීරණාත්මක විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයෙන් පසු නැවතත් ජනතාව ආමන්ත්‍රණය කළා.

ඔහු එහිදී කියා සිටියේ ඩිමොක්‍රටික් පක්ෂ රජයක් බිහි කිරීම පිළිබඳව තවදුරටත් සැකයක් ඇතිකර නොගත යුතු බවයි.

තමා ඇමරිකානු ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කරන අතර, ජනතාවගේ පාලනයක් සහිත රජයක් බිහිකරන බව ඔහු අවධාරණය කළා.

බලය ලබාගැනීමට හෝ පවරා ගැනීමට නොහැකි අතර, එය ජනතාව තුළින් ප්‍රවාහයක් ලෙස යොමුවිය යුතු බවයි ජෝ බයිඩ්න් කියා සිටියේ.

ඇමරිකාවේ පවතින විවිධ භේද පිළිගත් ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂක බයිඞ්න් කිසිවෙකු සතුරන් නොවන බවද අවධාරණය කළා.

ඇමරිකානු ෆොක්ස් නිවුස් රූපවාහිණි සේවාවට අනුව ජෝ බයිඩ්න්ට ඇමරිකාවේ මීලඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම සඳහා අවශ්‍ය වන්නේ තවත් කොට්ඨාශ නියෝජිත ඡන්ද 06 ක් පමණයි.

ඔහු මේ වනවිට එම ඡන්ද 264 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ නියෝජිත ඡන්ද 214 ක් පමණයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top