ජෝ බයිඩ්න් ජයග්‍රහණයට ළං වෙයි - ට්‍රම්ප්ගෙන් නීතිමය අභියෝග
Thursday, 05 November 2020 - 8:25 | Views - 534

මිඩ් වෙස්ට් කලාපයේ තීරණාත්මක ප්‍රාන්ත දෙකක් වන විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්ත ජයග්‍රහණය කරමින් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ආසන්න වී සිටිනවා.
කොට්ඨාශ නියෝජිත ඡන්ද 538 කින් 270 ක් ලබන අපේක්ෂකයා ජනාධිපතිවරණයේ ජයග්රාහකයායී.
මෙතෙක් ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජෝ බයිඩ්න් ඡන්ද විද්‍යාල 264ක් ලබාගනිමින් ඉදිරියෙන් පසුවනවා.
මේ වනවිට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 214ක්.
විස්කොන්සින් ප්‍රාන්තයේ ජයග්‍රහණයත් සමඟ ඡන්ද නැවත ගණන් කරන ලෙස ජනපති ට්‍රම්ප්ගේ පාර්ශවයෙන් ඉල්ලා සිටි බව සඳහන්.
කෙසේ නමුත්, නැවත ගණන් කිරීමකදී අභිබවා යාමට අසීරු පරතරයක් ජෝ බයිඩ්න් පවත්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී විශාල පිරිසක් තැපැල් ඡන්ද භාවිත කළ අතර, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ එම තැපැල් ඡන්දවලින් මෙතෙක් ගණන් කර ඇත්තේ අඩක් පමණක් බව සඳහන්.
තැපැල් ඡන්දවල වැඩි වාසිය ජෝ බයිඩ්න්ට හිමිවන බැවින් එම ඡන්ද ගණන් කිරීම නතර කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවයි ජනපති ට්‍රම්ප් ඊයේ කියා සිටියේ.
කෙසේ නමුත්, ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පවතින්නේද යන්න දැන් මතභේදයට ලක්වී ඇති කරුණක්.
ඇමරිකානු ජනාධිපතිවරණය මගින් කොංග්රස් මණ්ඩලය සහ සෙනට් මණ්ඩලයේද සංයුතිය තීරණය වන අතර, කොංග්රස් මණ්ඩලයේ බලය හිමි කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වී ඇත්තේ රිපබ්ලිකන්වරුන් ලද ආසන 184 ට සාපේක්ෂව ආසන 199 ක් හිමිකර ගනිමින්.
එහෙත් සෙනට් මණ්ඩලයේ ආසන 48 ක් රිපබ්ලිකන්වරුන්ට හිමිව ඇති අතර, ඩිමොක්රටික් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 47 ක් පමණයි.
ඒ අනුව වසර 06 ක් තිස්සේ රිපබ්ලිකන්වරුන් යටතේ පැවති සෙනට් මණ්ඩලයේ බලය හිමිකර ගැනීමට ඩිමොක්රටික් පක්ෂයට තවත් ආසන 04 ක් අවශ්‍ය වන අතර, ආසන සමවීමකදී උප ජනාධිපතිවරයාට තීරණාත්මක බලයක් හිමිවනවා.
ඇමරිකානු ජනාධිපතිවරණයේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ඡන්ද ගණනය තවදුරටත් සිදුවන අතර, තැපැල් ඡන්ද එක්වීමත් සමඟ ජෝර්ජියා ප්‍රාන්තයේ ජනපති ට්‍රම්ප් ලබා සිටි වැඩි ඡන්ද සංඛ්‍යාව 47,000 දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.
කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප්ගේ කණ්ඩායම එහි ඡන්ද ගණනය කිරීම් තවදුරටත් සිදු නොකරන ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසුණා.
ඊට අමතරව මිචිගන් සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තවල ඡන්ද තවදුරටත් ගණන් කිරීම් නතර කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
කෙසේ නමුත්, ජනපතිවරණයේ ප්‍රකාශිත සියලු ඡන්ද ගණනය කර අවසන් වනතුරු ඉවසිලිමත්ව සිටින ලෙස ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව ජනපති ට්‍රම්ප්ගෙන් මෙන්ම ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Share This Article