කවුරු දිනුවත් ප්‍රතිපත්තිවල වෙනසක් නෑ
Thursday, 05 November 2020 - 7:58 | Views - 591
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ඉරානය, ඇමෙරිකාව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු නොවන බව ඉරානයේ උත්තරී නායක අයතොල්ලා අලි කමේනී රූපවාහිනිය ඔස්සේ පැවැසීය.

‘‘අපි මේ ප්‍රතිපත්ති තීරණ ගන්නේ හොඳින් සිතා බලා. ඇමෙරිකාව සම්බන්ධයෙන් අපි තීරණ ගන්නේ ඉතාම විපරමෙන්. පුද්ගල මාරුවක් වුණා කියලා එහි වෙනසක් වෙන්නේ නැහැ’’ යැයි රූපවාහිනි ඔස්සේ රටවැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු සඳහන් කළේය.

නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් එලෙස රට වැසියන් අමතමින් ඉරාන උත්තරීතර නායකයා එම කරුණු කීය.

‘‘ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. බොහෝදේවල් සිදුවේවි. එහෙත් අපි ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. අපි ප්‍රතිපත්ති ස්ථීරයි. ඒවායේ වෙනසක් නැහැ. කවුරු ජනාධිපති වුණත් ඒවායේ වෙනසක් නැහැ. ජනාධිපති කවුරු වුණත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ’’ යැයි ඉරාන උත්තරීතර නායකයා කීය.

පසුගිය කාලයේදී ඉරානය සහ ඇමෙරිකාව අතර මතභේද උත්සන්න වූ අතර දෙරට අතර ආයුධ සන්නද්ධ යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද නිර්මාණය. දෙරට අතර අවස්ථා දෙකකදී එවැනි තත්ත්ව ඇතිවිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් කරගත්තේ ය. ලෝක බලවතුන් සහ ඉරානය අතර 2015 දී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබිණි. එම සමයේදී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය.

ඒ.එෆ්.පී.
ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top