බතීගම මුහුදේ ගිලී තරුණයෝ දෙදෙනෙක් මරුට
Thursday, 05 November 2020 - 7:50 | Views - 341
බතීගම බටහිර මුහුදු තීරයේ 03 වැනිදා සවස දිය නාමින් සිටි පුද්ගලයන් දෙදෙනකු රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර එක් අයකුගේ මළ සිරුරු එදින සවස 6.00ට පමණ සොයා ගැනීමට ප‍්‍රදේශවාසීහු සමත් වූහ.

දික්වැල්ල  පොල්ගහමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඥාතීන් වන මෙම තරුණයන් දෙදෙනාගෙන් අවිවාහකයකු වන සජිත් රොෂාන් ජයසේකර (29) යන තරුණයාගේ මළ සිරුර දික්වැල්ල රජයේ රෝහල වෙත රැුගෙන යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර රෝහලට රැගෙන ගිය බව දික්වැල්ල පොලිසිය පැවසීය. අතුරුදන්ව සිටින ඔශාන් ධනුෂ්ක සුරවීරආරච්චි (37) යන විවාහකයාගේ සිරුර සොයා ගැනීමට මෙතෙක් නොහැකි වී ඇත. ගාල්ල නාවික කඳවුරේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සිරුර සෙවීමේ කටයුතුවල නිරතව සිටිති.

තරුණයන්ගෙන් එක් අයකු පළමුව දියවැලකට හසුව මුහුදට ගසාගෙන යන අවස්ථාවේදී අනෙක් තරුණයා ඔහු බේරා  ගැනීමට යෑමේදී ඔහු ද ගසාගෙන ගිය බව සිද්ධිය සියසින් දුටුවෙක් කීවේය. අනතුරුව සවස හයට පමණ දූවවත්ත මුහුදේ දෙදෙනාගේ මළ සිරුරු පාවෙමින් තිබෙනු දුටු ප‍්‍රදේශවාසීන් කඹයක් ආධාරයෙන් මුහුදට බැස සජිත් යන අයගේ මළ සිරුරු ගොඩගත්ත ද ඔශාන්ගේ සිරුර රළ පහරකට හසුව මුහුදේ අතුරුදන් වී තිබේ.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් චන්ද්‍රකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති දිසානායක, පොලිස් සැරයන් (35233) දිලූම් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

නිමල් හේමසිරි - රදම්පළ, වලස්ගල අතිරේක- සිසිල් රුවනාර
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top