ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජීවිතක්ෂයට
Thursday, 05 November 2020 - 7:42 | Views - 3,513
ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හදිසි වැටලීමක් සඳහා තවත් නිලධාරියෙකු සමග සිය රථයෙන් ගමන් කරමින් සිටියදීයි ආණමඩුව ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත නැමති එක් දරු පියෙක් බවටයි සඳහන් වන්නේ.
ඔහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් බවයි වාර්තාවන්නේ.
ආනමඩුව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article