ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් නැවතත් ඉහළට
Wednesday, 04 November 2020 - 16:38 | Views - 543
ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සියයට 20කින් ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ නව ආසාදිතයන් 46,253 ක් වාර්තා වූ අතර, පසුගිය සඳුදා දිනයේ දෛනික ආසාදිතයන් සාමාන්‍යය සටහන් වූයේ 38,000 ක් ලෙසයි.
ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට අසූපන්ලක්ෂ 13,000 ඉක්මවා තිබෙනවා.
එමෙන්ම, ඊයේ වාර්තා වූ මරණ 514 ක් සමඟ එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 23,611 දක්වා ඉහළ ගියා.
Share This Article