නාගොඩ රෝහලේ සිටි රෝගියෙකුගේ ATM කාඩ්පතකින් ලක්ෂ 14ක් සොරාගෙන ඇත්තේ පෞද්ගලික පවිත්‍ර කිරීමේ ආයතනයක සේවකයෙක්
Wednesday, 04 November 2020 - 16:08 | Views - 1,387
කළුතර - නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලැබූ වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ පසුම්බියේ තිබූ ATM කාඩ්පත සොරා ගෙන එහි තිබූ රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් සොරා ගත් සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා පෞද්ගලික ආයතනයක උපස්ථායකයෙකු ලෙස කටයුතු කරන බවයි පොලීසිය ඊයේ (03) ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ රෝහල් සේවකයන් කියා සිටියේ මෙම සැකකරු රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලට යොදවා සිටි පෞද්ගලික සේවා සපයන ආයතනයක සාමාජිකයෙකු බවයි.
සැකකරු පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.
Share This Article