ඉසුරුපාය ගොඩනැගිල්ල හෙට සිට යලි විවෘත කෙරේ
Wednesday, 04 November 2020 - 15:15 | Views - 377
කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු බත්තරමුල්ල ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.
අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ (3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදුකොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
රට තුළ දැනට පවත්නා තත්ත්වය හමුවේ රජය හඳුන්වා දී ඇති නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදය සහ, ආයතන ප්‍රධානීන් විසින් ලැබෙන කැඳවීම් අනුව රාජකාරියට වාර්තා කිරීමේ පසුබිම හෙට සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article