නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
සුදර්ශන පතිරණ මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයායි.
පතිරණ මහතා, ප්රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි.
1990 වසරේදී සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණදෙන නිලධාරියා ලෙස ද සුදර්ශන පතිරණ කටයුතු කර තිබේ.
ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.
