එම් එස් දෝනි කියන්නේ ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම මෙන්ම ජනප්රියතම ක්රිකට් ක්රීඩකයෙක්.
ක්රිකට් ක්රීඩාවට ඇති දක්ෂකම මෙන්ම දැඩි ඇල්ම නිසාම ඉන්දීය හදවත් තුළ ඔහු නොමැකෙන තරුවක් බවට පත්ව සිටිනවා.
කෙසේවෙතත් මෑතකදී පැවතුණු අයි පි එල් තරඟාවලියෙන් දෝනිගේ කණ්ඩායමට ඉවත් වීමට සිදුවූ අතර 2021 සදහා තම කණ්ඩායම දැඩි අවධානයක් යොමු කරන බවටයි ඔහු වැඩි දුරටත් පැවසුයේ .
කෙසේනමුත් දෝනි විසින් ඉන්දීය ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් කල මෙහෙවර මෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් කල මෙහෙවර අගයමින් ඔහුට බොහෝ ප්රේක්ෂකයින්ගේ ආදරය හිමි වෙනවා .
එලෙස ඔහුට කරන ලද ගෞරවයක් වශයෙන් R. Gopikrishnan නමැති තැනැත්තෙකු විසින් තම නිවසක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමහි වර්ණ යොදා අලේප කර තිබෙන අතර එම නිවාස " home of Dhoni Fan " ලෙසට නම් කර තිබෙනවා .
ඔහු 2008 වර්ෂයේ සිට දෝනිගේ අපුරු රසිකයෙක් වන අතර අයි පි එල් ඉතිහසයේ සාර්ථකම නායකයා වශයෙන් දෝනි සැලකෙන බවටයි සදහන් වන්නේ .


