පොලීසියේ කොරෝනා ආසාදිතයින් 179ක් දක්වා ඉහළට
Wednesday, 04 November 2020 - 12:53 | Views - 326

කොරෝනා දෙවන රැල්ල පාලනය කිරීම සඳහා මාස දෙකකට වැඩි කාලයක් ගතවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.
මේ අතර, හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ කොරෝනා වෛරසය මෙරට තුළ පැතිරීම තරමක් අවදානම් මට්ටමක පවතින බවයි.
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 409 දෙනා අතුරෙන් 146 දෙනෙකුම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.
ඒ අතරින් 21 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ජාඇල ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, මීගමුවෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 15 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 122 ක් වාර්තා වී තිබූ අතර, ඒ අතරින් 20 දෙනෙකු කඩුවෙලින් වාර්තා වී තිබුණා. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 19 ක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 47 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 19 ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 12 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 12 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 07 දෙනෙකුද ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතර වනවා.
එම ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 8,266 ක්.
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 11,744 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,140 ක්.
සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,581 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
දැනට ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය නිසා මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත් වේද නොඑසේනම්, එය මීටර් 2 දක්වා වැඩි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අද තීරණයක් ගැනෙනු ඇති.
මේ අතර, මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙන්ද ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුත්තලම දංකොටුව ප්‍රදේශයෙන්ද තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වුණා.
එසේම, පොලිසියේ නිලධාරීන් 179 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 23 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වනවා.
පවතින කොරෝනා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන අවදානම් තත්ත්ව සහිත රෝගීන් සායන වෙත ගෙන්වා ගැනීම සුදුසු නොවන බැවින් හෙට සිට දිවයින පුරා ඇති රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස්වත ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව එහි කාර්යභාර නිලධාරීවරයා ඇමතීම සඳහා 0112 860 002, 0112 860 003 හෝ 0112 860 004 යන දුරකතන අංක භාවිත කළ හැකියි.
මේ අතර, ආසාදිතයින් වාර්තා වීම සිතියම්ගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ එසේ නොවුනහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලින් ඉවත්වීමට පියවර ගන්නා බවයි.
Share This Article