ඇමෙරිකාවේ ජනපති සටනේ ට්‍රම්ප්ගේ කොට්ඨාශ ඡන්ද 171ක් දක්වා ඉහළට
Wednesday, 04 November 2020 - 11:53 | Views - 1,032
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රාන්ත 50ක් අතරින් 35 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් කොට්ඨාශ ඡන්ද 205ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවනවා.
කෙසේ වෙතත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති කොට්ඨාශ ඡන්ද 171ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතු වනවා.
කෙසේ නමුත්, කොට්ඨාශ ඡන්ද විශාල ප්‍රමාණයක් සහිත තීරණාත්මක ප්‍රාන්ත කිහිපයක ප්‍රතිඵල තවමත් අවිනිශ්චිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Share This Article