සන්රයිසස් හයිද්‍රාබාද් අවසන් 04 දෙනා අතරට
Wednesday, 04 November 2020 - 10:51 | Views - 344
සාජා හිදී ඊයේ පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා මෙවර අයි.පී.එල්. තරඟාවලියේ අවසන් කණ්ඩායම් 04 අතරට පිවිසීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වුණා.
මුම්බායි පිල සිය පන්දුවාර විස්ස තුළදී කඩුළු 08 ක් දැවී ලකුණු 149 ක් රැස්කරගත් අතර, සන්රයිසස් හයිද්‍රාබාද් පිල පන්දුවාර 17 යි එක් පන්දුවක් තුළදී කිසිවෙකු නොදැවී ලකුණු 151 ක් ලබමින් ජයග්‍රහණය හිමිකර ගත්තා.
එහිදී ඩේවිඩ් වෝනර් පන්දු 58 කින් නොදැවී ලකුණු 85 ක් රැස්කළ අතර, රිදීමන් සහා නොදැවී ලකුණු 58 ක් ලබාගත්තා.
මේ අනුව සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමඟ මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් අවසන් කණ්ඩායම් 04 ට ඇතුළත් වනවා.
සන්රයිසස් පිල හා සමාන ප්‍රසාද ලකුණු ලබාගත්තද ෂාරුක් ඛාන් හිමිකාරත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඊට ඇතුළත් නොවන්නේ ශුද්ධ ලකුණු රැස්කිරීමේ වේගය හේතුවෙන්.
Share This Article