හෑන්ඩ් සැනිටයිසර් ගැන නිවැරදි අවබෝධයක් තිබේද ?
Wednesday, 04 November 2020 - 10:33 | Views - 4,265
"හෑන්ඩ් සැනිටයිසර්, නැතිනම්, දෑත් පිරිසිදුකාරක පිළිබඳ මෑත කාලයේ ලොව පුරා වැඩි අවධානයක් යොමුවන්නේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමගයි.
එතෙක්, ඒවා වැඩි වශයෙන් භාවිත වුණේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා සපයන ආයතන වල පමණයි.
එදිනෙදා ජීවිතයේදී පිරිසිදු කිරීම් සඳහා අප සබන් හෝ සබන් දියර භාවිත කළත්, සැනිටයිසර් වල ක්‍රියාකාරිත්වය විෂබීජ ඉවත් කිරීම සඳහා ඊට වඩා වැඩි ප්‍රබලත්වයකින් යුක්ත වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ක්‍රියාකාරී දෑත් පිරිසිදුකාරක ද්‍රාවණයක 80% ක් එතනෝල් හෝ 75% ක් අයිසොප්‍රොපිල් මධ්‍යසාර අඩංගු විය යුතුයි.
කොරෝනා වෛරසය දෑත් හරහා ශරීරගත වීමට වැඩි ඉඩක් පවතින නිසා ඇසට නොපෙනෙන විෂබීජ ක්ෂණිකව විනාශ කිරීමට ඊට හැකියාව පවතිනවා.
ඒ එහි ඇති එතනෝල්, ග්ලිසරෝල්, හයිඩ්රජන් පෙරොක්සයිඩ් යන සංඝටක හේතුවෙන්.
ඇතැම් විට නිසි ප්‍රමිතියෙන් යුතුව සකස් නොකළ සැනිටයිසර් භාවිතය අහිතකර වීමට ද ඉඩ තිබිය හැකියි.
Share This Article