කොළඹ ආර්ථික මධ්‍යස්ථාන 3ක් අද සිට තොග වෙළඳාමට විවෘතයි
Wednesday, 04 November 2020 - 9:18 | Views - 324
රත්මලාන, බෝකුන්දර, සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන අද පෙරවරුවේ තොඟ වෙළඳාම සඳහා විවෘත කරනු ලබනවා.
නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථානයේ වෙත පැමිණෙන ලෙසයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්.එල්.අනිල් විජේසිරි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
එසේම, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද තොග වෙළඳාම් කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ.ජයවර්ධන ප්‍රකාශ කළේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙතට ගොස් අලෙවි කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති බවයි.
මේ අතර, ආයෝජන මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ අනුමත කර්මාන්ත සඳහා ඇඳිරි නිතිබලපත්‍ර ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
මේ වනවිට කෑගල්ලේ පොලිස් බල ප්‍රදේශ 4 ක් සහ ගලිගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය හුදකලා කර ඇති අතර, බස්නාහිර පළාත ඇතුළු පොලිස් බල ප්‍රදේශ 114ක සහ කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වනවා.
Share This Article