ඇමරිකානු ජනපතිවරණයේ තියුණු තරඟයක්
Wednesday, 04 November 2020 - 8:27 | Views - 978
ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්රතිඵල දැන් ලැබෙමින් පවතින අතර, ඒ අනුව ජනපති ට්රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව පෙනී යනවා.
ජනාධිපතිවරණයේ ජයග්රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්රහණය කළ යුතුයි.
මූලික ප්රතිඵලවලට අනුව මේ වනවිට ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එම ඡන්ද 89 ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ ඡන්ද 72 ක් පමණයි.
කෙසේ නමුත්, කොට්ඨාශ ඡන්ද වැඩි ප්රමාණයක් සහිත තීරණාත්මක ප්රාන්තවල ප්රතිඵල තවමත් නිකුත් වෙමින් පවතින අතර, ඒ සමඟ අවසන් ප්රතිඵලය වෙනස්විය හැකියි.
Share This Article