රෝහල් ගත වී සිටින වෛරසය ආසාදනය වූවන් 6,000 ඉක්මවයි
Wednesday, 04 November 2020 - 8:01 | Views - 415
නව කොරෝනා අසාදිතයින් 409 වාර්තා වීමත් සමඟ මෙරට මුළු කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 11,744 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 401 දෙනෙකු ආශ්‍රිතයින් වන අතර 08 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

එසේම, නව ආසාදිතයින් සමඟ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර අටදහසේ සීමාව ඉක්මවා ගොස් 8,266 ක් ලෙස සටහන් වුණා.

මේ වනවිට රෝහල් ගත වී සිටින වෛරසය ආසාදනය වූවන්, සංඛ්‍යාව 6,140 ක්.

එසේම, ඊයේ දිනයේදී 22 වන සහ 23 වන කොරෝනා මරණ වාර්තා වූ අතර, 22 වන මරණය ලෙස සටහන් වුණේ කොළඹ - ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ මරණයයි.

68 හැවිරිදි ඇය නිවසේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇය මියයාමට ආසන්නතම හේතුව වී ඇත්තේ කොවිඞ් නියුමෝනියා තත්ත්වය බවයි.

මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා ආසාදිතයෙකු වශයෙන් මීට පෙර හඳුනාගෙන තිබූ අතර, පවුලේ අනෙකුත් සාමාජිකයන්ද නිවාස නිරෝධායනයට ලක් කර තිබෙනවා.

23 වන කොරෝනා මරණය ලෙස කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇයට උණ, කැස්ස, උගුරේ ආසාදනය වැනි රෝගි තත්ත්වයන් තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, දැනට ව්‍යාප්ත වන වෛරසයේ ප්‍රබලත්වය නිසා මීටරයක දුරස්ථභාවය පවත්වාගෙන යාම පමණක් ප්‍රමාණවත් වේද නොඑසේනම්, එය මීටර් 2 දක්වා වැඩි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් අද තීරණයක් ගැනෙනු ඇති.

මේ අතර, කොව්ඩ් 19 පැතිරිම වැළැක්ව්මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

එහි කාර්යභාර නිලධාරිවරයා ඇමතීම සඳහා 0112 860 002, 0112 860 003 සහ 0112 860 004 යන දුරකථන අංක භාවිත කළ හැකියි.

නාවික හා ගුවන් හමුදා කාර්ය භාර නිලධාරිවරයා ඇමතීම සඳහා 011 40 55 932 දුරකථන අංකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සම්බන්ධ කර ගැනීම සඳහා 011 36 88 664 සහ 011 30 30 864 දුරකථන අංක භාවිත කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, සෞදි අරාබියේ ආරක්ෂිත නිවාස 150 ක රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පැය 48 ක් තුල ජනපතිගේ නියෝගය අනුව, මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊයේ පැවති කොවිඞ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

ඔවුන් කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් රැකියා අහිමි වූ එහි සිටින ශ්‍රී ලාංකිකයින්.

එමෙන්ම, රුපියල් 5000 දීමනාව, රෝගීන්ට ඖෂධ නිවසට ලබාදීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත රුපියල් 10,000 ක වටිනාකමකින් යුත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් ලබාදීම සහ හෝටල් නිරෝධායන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top