විවිධ ස්ථානවලින් නිල නොවන කොරෝනා පොකුරු - දිනක සාමාන්‍යය 400-500ත් අතර
Wednesday, 04 November 2020 - 7:43 | Views - 1,151
විවිධ වූ ස්ථානවලින් නිල නොවන තොරතුරු වලට අනුව පොකුරු නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින්.

මේ අතර දිනකට වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය 400-500ත් අතර සාමාන්‍ය අගයක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාව දරුණු අවදානම් මට්ටමක පවතින බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කරන්නේ.

ඇතැම් ප්‍රදේශවල ජනතාව නිසි අයුරින් සෞඛ්‍ය පුරුදු පිළිබඳව අවදානය යොමු නොකිරීම බයානක තත්වයක් බවද ඔහු සඳහන් කළා.

ඇතැම් රෝගීන් මියයාමෙන් අනතුරුව කොරෝනා අසාදනය වී ඇති බවට අනාවරණ වීම පිළිබඳවද එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අදහස් පළකලා.

ඔහු සඳහන් කළේ ඇතැම් නිදන්ගත රෝග සහිත පුද්ගලයන් රෝහල්ගතවීමට අනියත බියකින් පසුවීම මෙම තත්වයට හේතුව බවයි.

එහිදී අදහස් පළකරමින් ඔහු සඳහන් කළේ තමන්ට නිදන්ගත රෝගයක් පවතීනම් අදාළ රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීමේ ගැටළුවක් මේ වනවිට නොමැති බවද ඔහු සඳහන් කළා.

එසේම මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ඉවත්වීමත් සමඟ ඇතිවූ මහජන කැළඹීමත් සමග තමන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට යෝජනා වූ බවයි.

කෙසේ වෙතත් තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සම්බන්ධයෙන් පත්වීමක් හෝ ලිපියක් ලබාදී නොමැති බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ගෙන් කළ ඉල්ලීමකට ගරු කිරීමක් ලෙස තම රාමුව තුළ සිටිමින් ජනතාව දැනුවත් කිරීම පමණක් සිදුකරන බවයි.

එසේම ඉදිරියේදී යම්කිසි අයුරකින් එය නතරකිරීමේ හැකියාවක් පැවතීමේ ඉඩකඩක් ද තිබිය හැකි බැවින් ඉන් අනතුරුව තමන්ට මාධ්‍ය ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවනු ඇති බවද අවසාන වශයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top