තවත් කොවිඩ් ආසාදිතයින් 272ක් - මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදියින් ගණන 8000 ඉක්මවයි
Tuesday, 03 November 2020 - 19:45 | Views - 399
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 272ක් මෙරටින් වාර්තා වනවා.
එයින් තිදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයන් වන අතර, අනෙක් 269 දෙනා කලින් ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මෙම නව ආසාදිතයින් 272 සමඟ මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදියින් ගණන 8000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 8129ක් ලෙසයි.
Share This Article